දශක තුනක් පුරා ගොඩනැගුණු පවුල් ජීවිතයක්, සැකය නිසා එක් මොහොතකින් ඛේදජනක ලෙස අවසන් වී තිබේ.
ඉන්දියාවේ ෂාජහාන්පූර් ප්‍රදේශයේ භවුන්ති ගම්මානයේදී, තිස් වසරක විවාහ ජීවිතයක් ගත කළ සෝම්වතී තම සැමියාගේ ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්විය. දහවල් කාලයේ නිවසේ විවේක ගනිමින් සිටියදී, ඇගේ සැමියා වන චත්‍රපාල් ඇයට සවලකින් ප්‍රහාර එල්ල කර ඇති බව සඳහන් වේ.
සිද්ධිය සිදුවන අවස්ථාවේ නිවසට පැමිණි දරුවන්ට, තම මවගේ දරුණු ඉරණම දකින්නට සිදුවූ අතර, පසුව අසල්වැසියන් දැනුවත් කිරීමට ඔවුන් පියවර ගෙන ඇත.
දරුවන් හය දෙනෙකුගේ පියෙකු වන චත්‍රපාල්, දිගු කලක සිට බිරිඳ පිළිබඳ සැකයකින් පීඩිතව සිට ඇති අතර, එම සැකය හේතුවෙන් ඇයගේ ජීවිතය දැඩි පාලනයකට සහ හිංසනයකට ලක්ව තිබූ බව වාර්තා වේ.
සිද්ධියෙන් පසු ඔහු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු තම ක්‍රියාව පිළිගෙන ඇති බවද සඳහන් වේ.
වසර තිහක පවුල් බැඳීමක්, සැකය හා ප්‍රචණ්ඩත්වය හමුවේ මෙලෙස අවසන් වීම ගම්වාසීන් දැඩි කම්පනයකට පත් කර තිබේ.