Breaking

Post Top Ad

Saturday, May 2, 2026

ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට දක්වා පිහිනමින් අවුරුදු 07 දරුවා ලෝක වාර්තාවක් තබයි

 

ඉන්දියාවේ රාන්චි නගරයට අයත් හත් හැවිරිදි පිහිනුම් දක්ෂයෙකු වන ඉෂාන්ක්, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති අභියෝගාත්මක මුහුදු සීමාව තරණය කරමින් ඉතා කුඩා වයසින් ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වී ඇත.


රාන්චිහි ධුර්වා ප්‍රදේශයේ පදිංචි ඔහු, ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරමෙන් ආරම්භ කර ඉන්දියාවේ ධනුෂ්කොඩි දක්වා කිලෝමීටර් 29කට ආසන්න දුරක් පෝක් සමුද්‍ර සන්ධිය හරහා පැය 9යි මිනිත්තු 50ක් තුළ පිහිනමින් මෙම විශිෂ්ට ජයග්‍රහණය වාර්තා කළේය.


මෙම කාර්යය සාර්ථක කරගත් ලොව ලාබාලතම පිහිනුම් ක්‍රීඩකයා ලෙස ඔහු නව ලෝක වාර්තාවක් හිමිකරගෙන ඇති බව වාර්තා වේ.


පසුගිය දින (30) ලබාගත් මෙම ජයග්‍රහණය, ඔහුගේ දැඩි කැපවීම, විනය සහ අඛණ්ඩ උත්සාහයේ ප්‍රතිඵලයක් බව බොහෝ දෙනාගේ අදහසයි.


ඔහුගේ මෙම දක්ෂතාවය සැලකිල්ලට ගනිමින් “විශ්ව වාර්තා සංසදය” විසින් “පෝක් සමුද්‍ර සන්ධිය තරණය කළ ලාබාලතම සහ වේගවත්ම පිහිනුම් ක්‍රීඩකයා” ලෙස ලෝක වාර්තා සහතිකයක් පිරිනමා ඇත.


මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා ඉෂාන්ක් දිනපතා පැය 4ත් 5ත් අතර කාලයක් ධුර්වා වේල්ලේ පුහුණුවීම් සිදු කළ අතර, ඔහු අමන් කුමාර් ජයිස්වාල් සහ බජ්රං කුමාර් යන පුහුණුකරුවන් යටතේ විශේෂ පුහුණුවක් ලබා ඇත.


රාන්චිහි DAV ශ්‍යාමලී පාසලේ 3 වන වසරේ ඉගෙනුම ලබන ඔහුගේ මෙම ජයග්‍රහණය පිළිබඳව පාසල් විදුහල්පතිවරයා ද මහත් සතුටක් සහ අභිමානයක් පළ කර ඇත.


ඔහු සඳහන් කළේ මෙතරම් කුඩා වයසකදී කටුක මුහුදු තත්ත්වයන්ට මුහුණ දෙමින් ලෝක වාර්තාවක් පිහිටුවීම අතිශය විශේෂ සහ දුර්ලභ කාර්යයක් බවයි.


නිවැරදි මඟපෙන්වීම හා කැපවීම තිබේ නම් ඕනෑම ඉලක්කයක් සාර්ථක කරගත හැකි බව ඉෂාන්ක්ගේ ජයග්‍රහණයෙන් පෙනී යන අතර, ඔහුගේ මෙවැනි නිර්භීත උත්සාහය අනෙකුත් සිසුන්ට ද මහත් ප්‍ර ආදර්ශයක් වනු ඇති බවද විදුහල්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Post Top Ad

Pages