Breaking

Post Top Ad

Sunday, May 10, 2026

දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවූ අනතුරකින් - 10ක් රෝහලේ

 

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත සහ කසාගල අතර කොටසේ 154 වන කිලෝමීටර් කණුව අසල අද සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් දස දෙනෙකු තුවාල ලබා තිබේ.


තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා තංගල්ල මූලික රෝහල වෙත ඇතුළත් කර ඇති බව වාර්තා වේ.


පොලීසිය සඳහන් කළේ, පානදුර ප්‍රදේශයේ විදුලිබල මණ්ඩලයේ සේවකයින් පිරිසක් රැගෙන කතරගම බලා ගමන් කරමින් සිටි වැගන්ආර් වර්ගයේ මෝටර් රථයක්, එම මාර්ගයේ ඉදිරියෙන් ධාවනය වූ ලොරි රථයක පසුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.


අනතුරේ බලපෑමෙන් ලොරි රථයද පෙරළී ගොස් ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

Post Top Ad

Pages