මේ වසරේ ජනවාරි 1 සිට මැයි 15 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාව තුළ වනඅලි මරණ 128ක් වාර්තා වී ඇති බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එම දෙපාර්තමේන්තුව පවසන්නේ, වෙඩි තැබීම් හේතුවෙන් වනඅලි 20ක් මියගොස් ඇති අතර, විදුලි සැර වැදීමෙන් වනඅලි 15ක් ජීවිතක්ෂයට පත්ව ඇති බවය. තවද හක්ක පටස් ආහාරයට ගැනීමෙන් වනඅලි 10ක් මියගොස් ඇති අතර, වගා ළිංවලට වැටීමෙන් වනඅලි 5ක් මියගොස් තිබේ.
මීට අමතරව විෂ ශරීරගත වීම, දුම්රියේ ගැටීම් සහ දියේ ගිලීම් වැනි හේතූන් මතද වනඅලි මරණ වාර්තා වී ඇතැයි සඳහන් වේ.
වැඩිම වනඅලි මරණ සංඛ්‍යාව නැගෙනහිර කලාපයෙන් වාර්තා වී ඇති අතර, පොළොන්නරුව සහ අනුරාධපුර වනජීවි කලාපවලින්ද සැලකිය යුතු මරණ සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.
මේ අතර, වනඅලි ප්‍රහාර හේතුවෙන් පුද්ගල මරණ 35ක්ද මෙම වසරේ ගත වූ කාලය තුළ වාර්තා වී ඇති බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.