Breaking

Post Top Ad

Tuesday, May 5, 2026

පාසල් ළමුන් ප්‍රවාහනය කළ වෑන් රථයක් පෙරළී සිසුන් 13ක් රෝහලේ

 නාවලපිටිය කැටබුලාවෙන් නාවලපිටිය හරංගලාව දක්වා පාසල් ළමුන් රැගෙන යමින් සිටි වෑන් රථයක් අද උදෑසන 7.00ට පමණ නාවලපිටිය තිස්පණේ හන්දිය අසලදී මාර්ගයෙන් ඉවතට පැන අඩි 15කට ආසන්න ප්‍රපාතයකට පෙරළී අනතුරකට ලක්ව ඇති බව නාවලපිටිය පොලිසිය සඳහන් කරයි.


මෙම අනතුරෙන් සිසුවියන් 11 දෙනෙකු හා සිසුන් දෙදෙනෙකු ඇතුළු පාසල් සිසුන් 13 දෙනෙකු සහ වෑන් රථයේ රියදුරා තුවාල ලබා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබේ.

රියදුරාගේ නොසැලකිලිමත් ධාවනය අනතුරට හේතුව විය හැකි බවට සැක කෙරෙන අතර, ඒ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ නාවලපිටිය පොලිසිය විසින් සිදුකරමින් පවතී.

Post Top Ad

Pages