Breaking

Post Top Ad

Tuesday, May 5, 2026

ATM යන්ත්‍ර 2ක් කඩන්න හැදූ පුද්ගලයෙක් අල්ලන්න මහජන සහය පතයි (වීඩියෝ)

 හැටන් නගරයේ පිහිටි පෞද්ගලික බැංකු ශාඛාවක ස්වයංක්‍රීය මුදල් යන්ත්‍ර (ATM) දෙකක් කඩා මුදල් සොරා ගැනීමට උත්සාහ කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා හැටන් පොලිසියේ අපරාධ විමර්ශන අංශය මහජන සහය ඉල්ලා සිටී.

ඊයේ (04) අලුයම එම බැංකු ශාඛාවට පැමිණි සැකකරු, ATM යන්ත්‍ර දෙකක් ගලවා මුදල් සොරා ගැනීමට උත්සාහ කර ඇති අතර, එම උත්සාහය අසාර්ථක වීම හේතුවෙන් ඔහු එම ස්ථානයෙන් පලාගොස් ඇති බව සඳහන් වේ.

සිද්ධිය සම්බන්ධයෙන් බැංකු පාලන අධිකාරිය විසින් ආරක්ෂිත කැමරා දර්ශන සහ ඡායාරූපද සමඟ හැටන් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. එම දර්ශනවල සැකකරු ATM යන්ත්‍ර විනාශ කිරීමට උත්සාහ කරන ආකාරය පැහැදිලිව දැක්වෙන බවද වාර්තා වේ.


සැකකරු පිළිබඳව යම් තොරතුරක් ඇත්නම් හැටන් පොලිසියේ අපරාධ විමර්ශන අංශයට දැනුම් දෙන ලෙස එම අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

Post Top Ad

Pages