Breaking

Post Top Ad

Tuesday, May 5, 2026

යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී ගසක් හිස මතට කඩා වැටීකාන්තාවක් මරණයට

 

නොච්චියාගම කුකුල්කටුව මාර්ගයේ ගලේ ඇළ ප්‍රදේශයේදී ඉකුත් 30 වැනිදා පස්වරුවේ සිදුවූ අවාසනාවන්ත අනතුරකින් කාන්තාවක ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ නොච්චියාගම අඹගහවැව ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි දෙදරු මවක වන දර්ශී කුමාරි හේරත් මහත්මියයි.


පොලිසිය සඳහන් කළේ, ඇය යතුරුපැදියකින් නොච්චියාගම නගරය වෙත ගමන් කරමින් සිටියදී මාර්ගය අසල තිබූ දිරාගිය ගසක් හදිසියේ කඩා වැටී එහි අත්තක් හිසට වැදීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.


අනතුර සිදුවන අවස්ථාවේ ඇය ආරක්ෂිත හිස් වැසුමක් පැළඳ සිටියද, ගසෙහි අත්තේ දැඩි ආඝාතයෙන් එම හිස් වැසුම බිඳී ගොස් හිසට බරපතළ තුවාල සිදුව තිබේ.


අනතුර දැක සිටි මාර්ගයේ ගමන් කළ පිරිසක් වහාම ක්‍රියාත්මක වී ඇය නොච්චියාගම දිසා රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණද, රෝහලට රැගෙන යන විටත් ඇය මියගොස් සිටි බව රෝහල් ආරංචිමාර්ග පවසයි.


සිද්ධිය සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය නොච්චියාගම දිසා රෝහලේදී පැවැත්වූ අතර, ගසෙහි අත්ත වැදීමෙන් හිසට සිදුවූ බරපතළ තුවාල සහ අධික රුධිර වහනය මරණයට හේතු වූ බව අනාවරණය වී ඇත.


සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන නොච්චියාගම පොලිසිය විසින් සිදු කරයි.

Post Top Ad

Pages