Breaking

Post Top Ad

Tuesday, May 5, 2026

ඕපනායක ප්‍රදේශයේ තේ අක්කර අටක් නාය යයි

 ඕපනායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පොල්වත්තහේන අසමානකන්ද ප්‍රදේශයේ අද (05) පෙරවරු 7.30ට පමණ සිදු වූ නාය යාමකින් තේ වගා බිම් අක්කර 8කට ආසන්න ප්‍රමාණයක් විනාශයට පත්ව ඇති බව ගම්වාසීහු පවසති.

ඕපනායක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආපදා සහන සේවා අංශය සඳහන් කළේ, මෙම නාය යාමෙන් ජීවිත හානි හෝ නිවාස සහ දේපළ හානි කිසිවක් වාර්තා වී නොමැති බවයි.


කෙසේ වෙතත්, නාය යාම සිදු වූ ප්‍රදේශයට පහළින් ජීවත් වන ජනතාවට දැඩි අවධානයෙන් සිටින ලෙස උපදෙස් ලබාදී තිබේ.


ප්‍රදේශවාසීන් පවසන්නේ, නාය යාමට පෙර විශාල ශබ්දයක් ඇසුණු බවත්, ඒ සමඟම පස් කඳුවැටිය කඩා වැටුණු බවත්ය.


සිද්ධිය වන අවස්ථාවේ තේ දලු නෙලීම සඳහා කම්කරුවන් වගා බිම් වෙත නොගොස් සිටීම හේතුවෙන් විශාල අනතුරක් වැළකී ගිය බවද ඔවුහු වැඩිදුරටත් සඳහන් කළහ.

Post Top Ad

Pages