Breaking

Post Top Ad

Tuesday, May 5, 2026

පිළිස්සුණු කාන්තා සිරුරක් කැලයක තිබී හමුවෙයි

 

රනෝරාව ප්‍රදේශයේ ජනශූන්‍ය ස්ථානයකින් හඳුනාගත නොහැකි කාන්තාවකගේ දැවී ගිය මළ සිරුරක් සොයාගත් බව නොච්චියාගම පොලිසිය සඳහන් කරයි.


ප්‍රදේශවාසියෙකු ලබාදුන් තොරතුරක් අනුව, කැලෑවකට ආසන්නව ගිනිගොඩක මිනිස් සිරුරක් දැවෙමින් පවතින බවට පොලිසියට දැනුම් දී තිබුණි. ඒ අනුව එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරින් විසින් මෙම කාන්තාවගේ මළ සිරුර සොයාගෙන ඇත.


මළ සිරුර හඳුනාගත නොහැකි තරම් දැවී ඇති අතර, කාන්තාව වෙනත් ප්‍රදේශයකදී ඝාතනය කර මෙහිදී මළ සිරුර පුළුස්සා දමා ඇති බවට පොලිසිය සැක පළ කරයි.

Post Top Ad

Pages