Breaking

Post Top Ad

Tuesday, May 5, 2026

අභිරහස් ලෙස මරණයට පත්වු තිදරු පියකුගේ සිරුරක් හමුවෙයි

අභිරහස් ලෙස මරණයට පත්වූ තිදරු පියෙකුගේ සිරුරක් පුත්තලම කිවුල ප්‍රදේශයේ පාළු මංසන්දියකින් සොයාගෙන ඇති බව පුත්තලම මුලස්ථාන පොලිසිය පවසයි.


මරණයට පත්ව ඇත්තේ කොට්ටුකච්චිය දංගහවල කන්දේයාය ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවෙකු වන, 41 හැවිරිදි නාරායන මුදියන්සේලාගේ අමිල සදරුවන් නාරායන යන අයෙකි.


ඔහු මත්ද්‍රව්‍යවලට දැඩි ලෙස ඇබ්බැහි වී සිටි අතර, එම හේතුවෙන් බිරිඳ සහ දරුවන් අතහැර දමා වසර 10කට ආසන්න කාලයක් වෙනත් ස්ථානවල වාසය කරමින් සිට ඇති බව සඳහන් වේ.


ආරම්භයේදී සාමාන්‍ය ජීවිතයක් ගත කළද, පසුව මත්ද්‍රව්‍යවලට බරපතල ලෙස ඇබ්බැහි වීමෙන් පසුව ඔහු එයින් මුදවා ගැනීමට පියා විසින් දැඩි උත්සාහයන් ගෙන තිබුණි. එම උත්සාහයන් සාර්ථක නොවීම හේතුවෙන් ඔහු නිවසින් ඉවත් කර ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.


ඉන්පසුව ඔහු විවිධ ස්ථානවල රැඳී සිටමින් මත්ද්‍රව්‍ය භාවිතා කරන පිරිස් සමඟ සම්බන්ධ වී, සොරකම් ආදී ක්‍රියාවලට යොමු වී මත්ද්‍රව්‍ය සඳහා මුදල් සොයාගෙන ජීවිතය ගත කර ඇති බව මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත.


එම පුද්ගලයාට එරෙහිව පුත්තලම පොලිසියට පැමිණිලි රැසක් ලැබී තිබූ අතර, ඒ අතරින් කිහිපයක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර තිබූ බවද සඳහන් වේ.

Post Top Ad

Pages