ගිරාඳුරුකෝට්ටේ ප්‍රදේශයේ 16 හැවිරිදි පාසල් සිසුවියක ඖෂධ අධිමාත්‍රාවක් පානය කිරීමෙන් ජීවිතක්ෂයට පත්වූ පුවතක් වාර්තා වී තිබේ.
පොලිස් තොරතුරු අනුව, ඇය උපකාරක පන්තියකට යන බව පවසමින් නිවසින් පිටව ගොස් ඇති අතර, පසුව තරුණයකු සමඟ රත්කිඳ ජලාශය අසල රැඳී සිටියදී පොලිසිය විසින් සොයාගෙන තිබේ. දෙපාර්ශවයේ දෙමාපියන් කැඳවා අවවාද කිරීමෙන් පසු දැරිය මව වෙත භාර දී ඇත.
ඊළඟ දිනයේදී ඇය හදිසියේ අසනීප තත්ත්වයට පත්ව රෝහල්ගත කර ඇති අතර, පසුව මහියංගණය මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 09 වැනිදා මියගොස් තිබේ.
මරණ පරීක්ෂණයේදී අනාවරණය වූයේ ප්‍රේම සම්බන්ධය නතර කර අධ්‍යාපන කටයුතු කෙරෙහි අවධානය යොමු කරන ලෙස මව, සහෝදරිය සහ පොලිසිය ලබාදුන් අවවාද හේතුවෙන් ඇය දැඩි සිත්තැවුලකට පත්ව සිට ඇති බවයි.