Breaking

Post Top Ad

Saturday, May 9, 2026

තිස්සමහාරාමයේදී සහ පිටිගලදී පුද්ගල ඝාතන 2ක්

ප්‍රදේශ දෙකකින් වාර්තා වූ වෙනම ඝාතන සිද්ධීන් දෙකකින් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.


පිටිගල හොරංගල්ල ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී 60 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව පොලිසිය සඳහන් කළේය.


දෙදෙනෙකු අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම සිද්ධිය ඇතිවී ඇති අතර, තුවාල ලැබූ සැකකරු අත්අඩංගුවට ගෙන ඇල්පිටිය රෝහලට ඇතුළත් කර ඇති බවද වාර්තා වේ.


මේ අතර, තිස්සමහාරාම ගැමුණුපුර ප්‍රදේශයේ නිවසක් තුළදී 88 හැවිරිදි කාන්තාවක් ඝාතනය කර ඇති බව අනාවරණය වී තිබේ.


ඇයගේ සිරුරේ කැපුම් තුවාල කිහිපයක් නිරීක්ෂණය වී ඇති අතර, ඝාතනය සම්බන්ධ සැකකරුවන් මෙතෙක් හඳුනාගෙන නොමැති බව පොලිසිය පවසයි.


මියගිය කාන්තාව ගැමුණුපුර ප්‍රදේශයේ පදිංචිකාරියක් බවද සඳහන් වේ.

Post Top Ad

Pages