Breaking

Post Top Ad

Friday, May 22, 2026

ලොරි රථයක් අඩි 200ක් පහළට පෙරලෙයි

 තලවකැලේ ලිඳුල ෆාමස්ටන් වතුයායේ තේ දළු ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් වතුයාය තුළදී මාර්ගයෙන් ඉවතට පැන අඩි 200ක පමණ ප්‍රපාතයකට පෙරළී යාමෙන් රියදුරා සහ රිය සහයකයා බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇති බව පොලීසිය පවසයි.


පොලීසිය සඳහන් කළේ, ඊයේ (20) දින වත්තේ නෙළන ලද තේ දළු බෑග් තේ කර්මාන්තශාලාව වෙත ප්‍රවාහනය කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවයි. අනතුරින් ලොරි රථයටද දැඩි අලාභ හානි සිදුවී ඇති බව වාර්තා වේ.

Post Top Ad

Pages