Breaking

Post Top Ad

Monday, May 18, 2026

ගත වූ පැය 24 තුළ දියේ ගිලීමෙන් මරණ 5ක්

 

ගතවූ පැය 24ක කාලය තුළ වාර්තා වූ දියේ ගිලීම් අනතුරු හේතුවෙන් පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.


මෙම අනතුරු කැකිරාව සහ තෙල්දෙණිය යන ප්‍රදේශවලින් වාර්තා වී තිබේ.


කැකිරාව සමගිගම ප්‍රදේශයේ අතහැර දමා තිබූ ගල්වලක දිය නෑමට ගිය එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු දියේ ගිලී මියගොස් ඇති අතර, මියගොස් ඇත්තේ හපුතලේ ප්‍රදේශයේ පදිංචි 39 සහ 41 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකි.


මේ අතර, තෙල්දෙණිය වික්ටෝරියා ජලාශයේ දිය නෑමට ගොස් දියේ ගිලී අතුරුදන්ව සිටි තවත් තරුණයෙකුගේ මළ සිරුර ද පොලීසිය විසින් සොයාගෙන තිබේ.


ඊයේ (17) පස්වරුවේ තරුණයින් සිව් දෙනෙකු තෙල්දෙණිය බඹරගල පන්සල අසලින් වික්ටෝරියා ජලාශයේ දිය නෑමට ගොස් සිටියදී, ඔවුන්ගෙන් තිදෙනෙකු දියේ ගිලී අතුරුදන් වී තිබුණි.


අනතුරුව තරුණයින් දෙදෙනෙකුගේ මළ සිරුරු එම අවස්ථාවේදීම සොයාගෙන ඇති අතර, අනෙක් තරුණයාගේ මළ සිරුර පසුව සොයාගත් බව පොලීසිය සඳහන් කළේය.

Post Top Ad

Pages