Breaking

Post Top Ad

Monday, May 18, 2026

කුඹුරු යායක් ආසන්නයේ පිහිටි ළිඳකින් යුද හමුදා සෙබළෙකුගේ මළසිරුරක් සොයා ගනී

 

හෝමාගම, පිටිපන දකුණ ප්‍රදේශයේ කුඹුරු යායක් අසල පිහිටි ළිඳකින් යුද හමුදා සෙබළෙකුගේ මළසිරුරක් සොයාගෙන ඇති බව පොලිසිය පවසයි. ඊයේ (15) පෙරවරුවේ හෝමාගම පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව ආරම්භ කළ විමර්ශනවලදී මෙම සිරුර හමුවී තිබේ.


මෙසේ මියගොස් ඇත්තේ මොරොන්තුඩුව, මහාලන්ද ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි යුද හමුදා සෙබළෙකි. ඔහු හමුදා සේවයට අමතරව අමතර ආදායමක් සඳහා කුලී පදනම මත ත්‍රීරෝද රථයක් ධාවනය කර ඇති බව ද අනාවරණය වී ඇත.


පසුගිය පෙරේදා රාත්‍රියේ කුලී ගමනක් සඳහා ත්‍රීරෝද රථයෙන් පිටත්ව ගිය ඔහු නැවත නිවසට නොපැමිණීම හේතුවෙන් බිරිඳ විසින් මීගොඩ පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි. පසුව සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී මළසිරුර හමුවූ ළිඳ ආසන්නයේ තිබී ඔහු භාවිත කළ ත්‍රීරෝද රථයද පොලිස් භාරයට ගෙන ඇත.


සිද්ධිය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය මේ වන විට අවසන් කර ඇති අතර, අනතුරුව මළසිරුර ඥාතීන් වෙත භාරදී තිබේ. සැකකටයුතු මරණයක් ලෙස සලකා හෝමාගම පොලිසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරයි.

Post Top Ad

Pages