Breaking

Post Top Ad

Monday, May 18, 2026

බණ්ඩාරවෙල රිය අනතුරකින් ඉංජිනේරු පීඨ සිසුවෙක් මරුට

 බණ්ඩාරවෙල – බදුල්ල ප්‍රධාන මාර්ගයේ ත්‍රීමයිල් ප්‍රදේශයේ ඊයේ (16) රාත්‍රියේ සිදුවූ මාරක රිය අනතුරකින් රුහුණ විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. බණ්ඩාරවෙල පොලිසිය පවසන්නේ විශ්වවිද්‍යාල සිසුන් ගමන් ගත් යතුරුපැදියක් හා මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.


අනතුරින් බරපතළ තුවාල ලැබූ තවත් සරසවි සිසුවෙකු දියතලාව මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව ද වාර්තා වේ.


මෙලෙස මියගොස් ඇත්තේ රුහුණ විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ දෙවන වසරේ අධ්‍යාපනය හදාරමින් සිටි 22 හැවිරිදි මානික්කරාජ් එරෝන් නමැති සිසුවෙකි. ඔහු මඩකළපුව, ඉරුදෙයපුරම්, කෝවිල් පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය අනාවරණය කර තිබේ.


අනතුරින් තුවාල ලබා රෝහල්ගත කර ඇත්තේ මියගිය සිසුවාගේ සමීප මිතුරෙකු වන අතර ඔහුද එම වයස් සීමාවේ පසුවන අයෙකි.


මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම තරුණයින් පිරිස යතුරුපැදි හතරකින් විනෝද චාරිකාවක නිරතව සිට ඇති බවයි. ඔවුන් ඇල්ල ප්‍රදේශයේ නවාතැන්පොළක් වෙත ගමන් කරමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇත.


බදුල්ල සිට බණ්ඩාරවෙල දෙසට ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් සහ සිසුවා පදවාගෙන ගිය යතුරුපැදිය අතර ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කළේය.

Post Top Ad

Pages