හොරණ ප්‍රදේශයේ දිය නෑමකට ගොස් මත්පැන් පානය කිරීමෙන් අනතුරුව යතුරුපැදිවලින් ගමන් කරමින් සිටි කාන්තාවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව අඟුරුවාතොට පොලිසිය පවසයි.
අත්අඩංගුවට පත් කාන්තාවන් හොරණ හා ගෝනපල ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, ඔවුන්ගේ වයස් අවුරුදු 26 සිට 29 දක්වා වන බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
පොලිසිය සඳහන් කළේ, මෙම කාන්තාවන් හොරණ රෙමුණ බැල්ලපිටිය ප්‍රදේශයේ පිහිටි ආඳාදොලේ දිය නෑමට ගොස් එහිදී මත්පැන් පානය කර, පසුව නිවෙස් බලා යතුරුපැදිවලින් පිටත්ව යමින් සිටියදී අඟුරුවාතොට පොලිසිය විසින් සිදුකළ රථවාහන පරීක්ෂාවකදී අත්අඩංගුවට ගත් බවයි.
එම පරීක්ෂාවේදී ඔවුන් මත්පැන් පානය කර රිය ධාවනය කරමින් සිටි බව තහවුරු වී ඇති බවද පොලිසිය පවසයි.
මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, මෙම පිරිස කලක සිටම එම ප්‍රදේශයට පැමිණ දිය නෑමෙන් අනතුරුව මත්පැන් පානය කර යතුරුපැදිවලින් ආපසු ගමන් කරන බවයි. සිද්ධිය සම්බන්ධයෙන් අඟුරුවාතොට පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.