Breaking

Post Top Ad

Friday, May 1, 2026

හබරාදුව ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටෙයි

 

හබරාදුව ප්‍රාදේශීය සභාව අසළ ලියනගොඩ දුම්රිය හරස් මාර්ගයේදී අද සවස පියා සහ පුතා ගමන් ගත් ත්‍රීරෝද රථයක් දුම්රියක ගැටීමෙන් දෙදෙනාම බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇති බව හබරාදුව පොලිසිය පවසයි.


පොලිස් විමර්ශනවලට අනුව, ඉමදුව පරගොඩ ප්‍රදේශයේ පදිංචි පියා තම පුතා හබරාදුව පෙර පාසලෙන් රැගෙන යමින් සිටියදී, ගාල්ල සිට මාතර දෙසට ධාවනය වූ මන්දගාමී දුම්රියක ත්‍රීරෝද රථය ගැටී ඇත.


අනතුර සිදුවූ අවස්ථාවේ ගැටීමේ බලපෑමෙන් කුඩා දරුවා ත්‍රීරෝද රථයෙන් පිටතට විසිවී ගොස් ඇති බවද වාර්තා වේ.


තුවාල ලැබූ පියා සහ පුතා දෙදෙනාම කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර, රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ දරුවාගේ තත්ත්වය බරපතළ බැවින් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ප්‍රතිකාර ලබාදෙන බවයි.

Post Top Ad

Pages