Breaking

Post Top Ad

Friday, May 1, 2026

කොස් ගසෙන් වැටී ගම්පොල අයෙක් මරුට

 

ගම්පොල පොලිස් බලප්‍රදේශයට අයත් සිංහපිටිය ප්‍රදේශයේ කොස් ගසකින් ඇද වැටීමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයෙකු රෝහල්ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය සඳහන් කළා.


මෙසේ මියගොස් ඇත්තේ සිංහපිටිය ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකි.


පොලිස් මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, ඔහු තම නිවස ඉදිරිපිට තිබූ කොස් ගසකට නැගී කොස් ගෙඩියක් කැඩීමට උත්සාහ කරමින් සිටියදී අනතුරට ලක්ව ඇති බවයි.


එහිදී ගසෙන් බිමට ඇද වැටීමෙන් බරපතල තුවාල ලබා ඇති අතර, වහාම ගම්පොල රෝහලට ඇතුළත් කළද ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (29) රාත්‍රී ඔහු මියගොස් තිබෙනවා.


සිද්ධිය පිළිබඳ පණිවිඩයක් ලැබීමෙන් පසු ගම්පොල පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Post Top Ad

Pages