බගවන්තලාව කර්කස්වෝල් වතුයායේ තේ දළු නෙළමින් සිටි වතු කම්කරු කාන්තාවන් පිරිසකට අද (14) බඹර ප්‍රහාරයක් එල්ල වී ඇති අතර, එහිදී තුවාල ලැබූ කාන්තාවන් පස් දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති බව දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී ඒ.එස්.කේ. ජයසූරිය මහතා සඳහන් කළේය.
මෙම සිද්ධිය බගවන්තලාව පොලිස් වසමට අයත් කර්කස්වෝල් වතුයායේ ඉහළ කොටසේදී සිදුවී තිබේ. ගසක බැඳ තිබූ බඹර කූඩුවකට උකුස්සෙකු පහර දීමෙන් පසු බඹර ඇවිස්සී ඇති අතර, එම අවස්ථාවේ තේ දළු නෙළමින් සිටි කාන්තාවන්ට බඹර ප්‍රහාරය එල්ල වී ඇතැයි වාර්තා වේ.
තුවාල ලැබූ කාන්තාවන් වතුයායේ ගිලන් රථය මගින් බගවන්තලාව ප්‍රාදේශීය රෝහල වෙත රැගෙන ගොස් ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබේ.