Breaking

Post Top Ad

Friday, May 15, 2026

බර අඩු කරගැනීම සදහා අලුත් පෙත්තක්

 බර අඩු කර ගැනීම සඳහා භාවිත කරන GLP-1 එන්නත් නතර කිරීමෙන් පසු නැවත ශරීර බර වැඩිවීම පාලනය කිරීමට උපකාරී වන නව පෙත්තක් පිළිබඳ පර්යේෂණ තොරතුරු මේ වනවිට අනාවරණය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


“ඔර්ෆෝග්ලිප්‍රොන්” (Orforglipron) ලෙස හැඳින්වෙන මෙම ඖෂධය දැනට අමෙරිකා එක්සත් ජනපදයේ භාවිතයට ගෙන ඇති අතර, ඉදිරියේදී බ්‍රිතාන්‍යයටද හඳුන්වා දීමට සැලසුම් කර ඇති බව සඳහන් වේ.


මෙම පෙත්ත ක්‍රියා කරන්නේ කුසගින්න අඩු කිරීමට සම්බන්ධ හෝමෝනයක ක්‍රියාව අනුකරණය කරමින් ආහාර රුචිය පාලනය කිරීමෙනි. ඒ හේතුවෙන්, බර අඩු කිරීම සඳහා ලබාගත් එන්නත් නතර කළ පසුද නැවත බර වැඩිවීම වැළැක්වීමට මෙය සහාය වන බව පර්යේෂකයෝ පවසති.


වසරක කාලයක් පුරා සිදුකළ අධ්‍යයනවලින් අනාවරණය වී ඇත්තේ, මෙම පෙත්ත භාවිත කළ පුද්ගලයින් තමන් අඩු කරගත් බරෙන් 70%කට වැඩි ප්‍රමාණයක් දිගටම පවත්වා ගැනීමට සමත් වූ බවයි.


එන්නත්වලට සාපේක්ෂව පෙත්තක් භාවිත කිරීම පහසු වීමත්, එහි පිරිවැයද සැලකිය යුතු ලෙස අඩු වීමත් මෙම ඖෂධයේ විශේෂත්වයක් ලෙස සැලකේ.


කෙසේවෙතත්, ඔක්කාරය, මලබද්ධය සහ පාචනය වැනි සුළු අතුරු ආබාධ කිහිපයක්ද වාර්තා වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

Post Top Ad

Pages