Breaking

Post Top Ad

Monday, May 18, 2026

සහෝදරයින් දෙදෙනෙකු ගල්වළක ගිලී මරණයට

 

කැකිරාව සමගිගම ප්‍රදේශයේ පිහිටි අතහැර දැමූ ගල්වළක දිය නෑමට ගිය සහෝදරයන් දෙදෙනෙකු අද (17) පස්වරුවේ දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.


මියගොස් ඇත්තේ හපුතලේ ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 39 සහ 41 වන එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකි.


පොලිස් තොරතුරු අනුව, මියගිය පුද්ගලයන් ඇතුළු පස්දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් දිය නෑම සඳහා එම ගල්වළ වෙත ගොස් තිබේ.


එම පිරිසෙන් තිදෙනෙකු දිය නෑමෙන් අනතුරුව පිටව ගොස් ඇති අතර, සහෝදරයන් දෙදෙනා එහි රැඳී සිටියදී අවාසනාවන්ත ලෙස දියේ ගිලී මියගොස් ඇති බව අනාවරණය වී ඇත.


මෙම පිරිස කැකිරාව ප්‍රදේශයේ විද්‍යාලයක ඉදිකිරීම් කටයුත්තක් සඳහා පැමිණ සිටි පිරිසක් බවද සඳහන් වේ.


සිද්ධිය සම්බන්ධයෙන් කැකිරාව පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

Post Top Ad

Pages