කටුදෙණිය ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි දෙදරු පියෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බවට මාතලේ පොලීසිය සැක පළ කරයි.
පොලීසිය සඳහන් කළේ, ඊයේ (13) රාත්‍රියේ කටුදෙණිය ප්‍රදේශයේ පාළු නිවසක් අසල මිතුරන් කිහිපදෙනෙකු අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් මෙම ගැටුම හටගෙන ඇති බවයි. එම ගැටුමේදී මෙම පුද්ගලයා ඝාතනයට ලක්වන්නට ඇති බවට සැක කෙරේ.
සිද්ධියට අදාළව, ගැටුම සිදුවූ බවට සැක කරන නිවසේ මුරකරු සහ තවත් පුද්ගලයෙකු මහනුවර ප්‍රදේශයේදී සැකපිට අත්අඩංගුවට ගත් බව මාතලේ පොලීසියේ අපරාධ අංශය සඳහන් කළේය.
මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මාතලේ පොලීසිය විසින් සිදුකරන අතර ස්ථානීය පරීක්ෂණ මාතලේ මහෙස්ත්‍රාත්වරයා විසින් පවත්වා ඇත.