අද (6) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය කර තිබේ.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 545කින් ඉහළ ගොස් ඇති අතර, නව මිල රුපියල් 6,245ක් ලෙස දැක්වේ.
තවද කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 220කින් වැඩි කර ඇති අතර, එහි නව මිල රුපියල් 2,500ක් වේ.