Breaking

Post Top Ad

Wednesday, May 6, 2026

ලොරි රථයක් සහ ත්‍රිරෝද රථයක් ගැටී මව සහ පුතා මරුට

 

රත්නපුර – පැල්මඩුල්ල මාර්ගයේ පාතකඩ හන්දිය ආසන්නයේ ලොරි රථයක් සහ ත්‍රිරෝද රථයක් අතර සිදුවූ ගැටුමකින් මවක් සහ ඇගේ පුත්‍රයා ජීවිතක්ෂයට පත්ව තිබේ.


පොලිසිය සඳහන් කළේ, මියගිය මව වයස අවුරුදු 49ක් වන අතර, පුත්‍රයා වයස අවුරුදු 28ක් වූ හාලිඇල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි.


අනතුරෙන් බරපතල තුවාල ලැබූ ත්‍රිරෝද රථ රියදුරු මේ වනවිට රත්නපුර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.


මෙම සිද්ධියට අදාළව ලොරි රථයේ රියදුරු සහ රිය සහයක පැල්මඩුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Post Top Ad

Pages