Breaking

Post Top Ad

Friday, May 22, 2026

හෙදියක් විශේෂඥ වෛද්‍යවරයෙකුට තර්ජනය කර ලක්ෂ 60ක මුදලක් කප්පම් අරන්

 මහනුවර නගරයේ ප්‍රධාන පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක සේවය කරන විශේෂඥ වෛද්‍යවරයෙකුට තර්ජනය කර රුපියල් ලක්ෂ 60කට වැඩි මුදලක් කප්පම් ලෙස ලබාගත් බවට චෝදනා ලැබූ හිටපු හෙදියක සහ ඇයගේ සැමියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකාරිය එම වෛද්‍ය මධ්‍යස්ථානයේම කලින් සේවය කළ හෙදියක් බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.


පොලිසිය සඳහන් කළේ, 24 හැවිරිදි මෙම හෙදිය සහ අදාළ විශේෂඥ වෛද්‍යවරයා අතර දිගුකාලීන සමීප සබඳතාවක් පැවති බවයි. පසුව ඇය රැකියාවෙන් ඉවත් වී විවාහ වී මැදමහනුවර ප්‍රදේශයේ පදිංචිව සිට ඇති අතර, එහිදී තම සැමියා සමඟ එක්ව මෙම කප්පම් ගැනීමේ ක්‍රියාවලිය සැලසුම් කර ඇති බවට තොරතුරු හෙළි වී තිබේ.


වෛද්‍යවරයා සමඟ සිටි පෞද්ගලික අවස්ථාවන්හි ඡායාරූප තමන් සතුව ඇති බව පවසමින් සැකකාර යුවළ විසින් වෛද්‍යවරයාට තර්ජනය කර අවස්ථා කිහිපයකදී මුදල් ලබාගෙන ඇති බවද විමර්ශනවලදී අනාවරණය වී ඇත.


නිරන්තරයෙන් සිදු වූ මෙම තර්ජන හේතුවෙන් දැඩි මානසික පීඩනයකට ලක් වූ වෛද්‍යවරයා තෙල්දෙණිය ප්‍රාදේශීය ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබූ අතර, ඒ අනුව සිදු කළ විමර්ශනවලින් පසු සැකකාර යුවළ අත්අඩංගුවට ගැනීමට නිලධාරීන් සමත් වී ඇත.

Post Top Ad

Pages