බලපිටිය වඳදූව ප්‍රදේශයේදී අද (8) පස්වරුවේ තියුණු ආයුධ ප්‍රහාරයකින් පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව අම්බලන්ගොඩ පොලීසිය පවසයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බලපිටිය හීනටිය ප්‍රදේශයේ පදිංචි මහේෂ් කුමාර නමැති දෙදරු පියෙකි.
මියගිය පුද්ගලයා ත්‍රිරෝද රථ රියදුරෙකු ලෙස සේවය කර ඇති බවද පොලීසිය සඳහන් කරයි.
ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව පොලීසිය වැඩිදුරටත් කියා සිටී.
සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.