කුරුණෑගල මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපතිවරයා අල්ලස් චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් බත්තරමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
වාර්තා වන අන්දමට, කුරුණෑගල බස් නැවතුම්පොළ සහ පොදු වැසිකිළි පිරිසිදු කිරීමේ ටෙන්ඩරය ලබාදීම සඳහා රුපියල් ලක්ෂ 30ක අල්ලසක් සහ මාසිකව රුපියල් ලක්ෂ 5 බැගින් මුදලක් ඉල්ලා ඇති බව සඳහන් වේ.
එම මුදලින් රුපියල් ලක්ෂ 30ක මුදල ලබාගැනීමට යෑමේදී සැකකරු අත්අඩංගුවට පත්ව ඇති බව අල්ලස් කොමිසම පවසයි.
සැකකාර නියෝජ්‍ය නගරාධිපතිවරයා හෙට (09) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ඔහු සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරමින් කුරුණෑගල මහනගර සභාවට තේරී පත්වූ අතර, පසුව බලය පිහිටුවීමේදී ජාතික ජන බලවේගයට සහාය ලබාදීමෙන් අනතුරුව නියෝජ්‍ය නගරාධිපති ධුරයට පත්ව තිබුණි.