Breaking

Post Top Ad

Saturday, May 9, 2026

යාපනය රෝහලේ ගින්නකින් ඖෂධ ගබඩාවට විශාල හානියක්

 

අද (09) අලුයම් කාලයේදී යාපනය ශික්ෂණ රෝහල තුළ හදිසි ගින්නක් හටගෙන තිබේ.


වාර්තා වන ආකාරයට ගින්න හටගෙන ඇත්තේ රෝහලේ ඖෂධ ගබඩා අංශයේදීය.


ගින්න පාලනය කිරීම සඳහා යාපනය මහා නගර සභා ගිනි නිවීම් ඒකකය, රෝහල් කාර්ය මණ්ඩලය, ආරක්ෂක අංශ සහ පොලිසිය එක්ව දැඩි උත්සාහයක් ගෙන තිබේ.


කෙසේ වෙතත්, ගින්න හටගැනීමට හේතුව සහ එමගින් සිදුව ඇති අලාභ හානි පිළිබඳ මෙතෙක් නිශ්චිත තොරතුරු අනාවරණය වී නොමැත.

Post Top Ad

Pages