Breaking

Post Top Ad

Saturday, May 9, 2026

දෙමාපියන්ට මුදල් ඉල්ලා බැණ වැදුණු, සහෝදරයාව මැරූ මල්ලී අත්අඩංගුවට

 බොරලැස්ගමුව ප්‍රදේශයේදී සිය වැඩිමල් සහෝදරයා පිහියෙන් ඇන ඝාතනය කළ බවට සැක කෙරෙන තරුණයෙකු අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලිසිය පවසනවා.


මෙලෙස මියගොස් ඇත්තේ බොරලැස්ගමුව, ලියනගේ පාර ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් පයිස් මොහොමඩ් ෆශිල් නමැති 26 හැවිරිදි පරිගණක ක්‍රියාකරුවෙකි.


පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මියගිය තරුණයා පසුගිය දින කිහිපය පුරාවට සිය දෙමාපියන් සහ මිත්තණියගෙන් මුදල් ඉල්ලා නිරන්තරයෙන් ආරවුල් ඇතිකරගෙන තිබූ බවයි.


ඊයේ (06) රාත්‍රියේද මුදල් සම්බන්ධයෙන් නිවස තුළ උණුසුම් තත්ත්වයක් ඇතිව තිබූ අතර, එහිදී වැඩිමල් සහෝදරයා දෙමාපියන්ට සහ මිත්තණියට පරුෂ වචන භාවිත කරමින් බැණ වැදී ඇති බව පොලිසිය සඳහන් කළා.


එම අවස්ථාවේ කෝපයට පත් බාල සහෝදරයා තියුණු ආයුධයකින් වැඩිමල් සහෝදරයාට පහර දී ඇති බවට මූලික පරීක්ෂණවලින් අනාවරණය වී තිබෙනවා.


සිද්ධියෙන් අනතුරුව සැකකරු විසින්ම බොරලැස්ගමුව පොලිසිය වෙත පැමිණ භාරවී, අපරාධය සිදුකළ බවට පාපොච්චාරණයක්ද කර ඇති බව පොලිසිය පවසනවා.


පොලිස් නිලධාරීන් සිද්ධිය වූ නිවස වෙත පැමිණෙන විටත් තරුණයා නිවස තුළ මුහුණ පහළට වැටී සිට ඇති අතර, ඔහුගේ පිට ප්‍රදේශයට, උදරයට සහ දකුණු බාහුවට තියුණු ආයුධයකින් පහර කිහිපයක් එල්ල වී තිබූ බව වාර්තා වනවා.


නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත් සංජය විජේසිංහ මහතා සිද්ධිය වූ ස්ථානයට පැමිණ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකර ඇති අතර, නුගේගොඩ අපරාධ පරීක්ෂණාගාරයේ (SOCO) නිලධාරීන් විසින්ද විද්‍යාත්මක සාක්ෂි රැස්කර තිබෙනවා.


අත්අඩංගුවට ගත් සැකකරු අද (07) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, බොරලැස්ගමුව පොලිසියේ අපරාධ විමර්ශන අංශය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

Post Top Ad

Pages