Breaking

Post Top Ad

Sunday, May 24, 2026

දිලුම් අමුණුගම පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට කැඳවයි

 සර්වජන බලයේ ජාතික සංවිධායක සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය වෙත කැඳවා තිබේ.


ඒ, පල්ලේගම හේමරතන හිමි විසින් අපයෝජනයට ලක් කළ බව කියන අනුරාධපුරයේ දැරිය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී ඔහු කළ ප්‍රකාශයක් මගින් දැරියට වාචික හිංසනයක් සිදුව ඇති බවට ලැබුණු පැමිණිල්ලක් අනුවය.


ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ, ලබන සඳුදා දිලුම් අමුණුගම පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය හමුවට පැමිණීමට නියමිත බවයි.


මේ අතර, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන පොලිස් පරීක්ෂණ පිළිබඳව අද පැවති මාධ්‍ය හමුවකදීද පොලීසිය කරුණු පැහැදිලි කළේය.

Post Top Ad

Pages