Breaking

Post Top Ad

Sunday, May 24, 2026

අමෙරිකාවේ ධවල මන්දිරය අසළ වෙඩි තැබීමක්

 

අමෙරිකාවේ ධවල මන්දිරය ආසන්නයේ සිදුවූ වෙඩි තැබීමකදී සැකකරුවෙකු ආරක්ෂක අංශ වෙඩි තබා ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


මෙම සිද්ධිය සෙනසුරාදා (23) පස්වරුවේ ධවල මන්දිරයේ ප්‍රධාන ආරක්ෂක කලාපයට ආසන්න ප්‍රදේශයකදී සිදුව ඇති බව සඳහන් වේ.


වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ සැකකරු රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවද වාර්තා වෙයි.


සිද්ධියෙන් පසු වහාම ක්‍රියාත්මක වූ රහස් ඔත්තු සේවා නිලධාරීන් සහ පොලිස් කණ්ඩායම් ප්‍රදේශය වටලා ආරක්ෂාව තරකර තිබේ.


එමෙන්ම ධවල මන්දිරය අවට මාර්ග කිහිපයක් තාවකාලිකව වසා දැමීමටද බලධාරීන් පියවර ගෙන ඇත.


වෙඩි හුවමාරුව අතරතුර අසල සිටි තවත් සිවිල් පුද්ගලයෙකු ද තුවාල ලබා ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ. කෙසේ වෙතත්, ආරක්ෂක අංශයේ කිසිදු නිලධාරියෙකුට හානි සිදුව නොමැති බව සඳහන්ය.


සිද්ධිය සිදුවන අවස්ථාවේදී අමෙරිකානු ජනාධිපති Donald Trump ධවල මන්දිරයේ රැඳී සිට ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

Post Top Ad

Pages