Breaking

Post Top Ad

Thursday, May 14, 2026

මාර්ගයක් හදද්දී පයිනස් ගසක් හිසට වැටීමෙන් පුද්ගලයෙක් මරුට

 

ඉංගිරිය, දොඹගස්කන්ද ප්‍රදේශයේ රක්ෂිත භූමියක මාර්ගයක් සකස් කිරීමේදී සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉංගිරිය පොලිසිය සඳහන් කරයි.


මෙලෙස මියගොස් ඇත්තේ ගොඩිගමුව, ගල්ලෑල්ල යාය, එලමුල්ල ප්‍රදේශයේ පදිංචි වරල්ලගෙදර අබේකෝන් බණ්ඩා නමැති 60 හැවිරිදි පුද්ගලයෙකි.


පොලිසිය පවසන්නේ, රාජ්‍ය දැව සංස්ථාවට අයත් බැකෝ යන්ත්‍රයක් යොදාගෙන ඉංගිරිය දොඹගස්කන්ද අක්කර 20 රක්ෂිතයට ඇතුළු වීම සඳහා මාර්ගයක් සකස් කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවයි. එහිදී පයිනස් ගස් ඉවත් කිරීමේ කටයුතුද සිදුකර තිබූ බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.


කුරුණෑගල ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් අදාළ කොන්ත්‍රාත්තුව භාරගෙන තිබූ අතර, මියගිය පුද්ගලයා තවත් සේවකයින් පිරිසක් සමඟ එම ස්ථානයේ සේවයේ නිරතව සිට ඇති බව වාර්තා වේ.


අනතුර සිදුව ඇත්තේ බැකෝ යන්ත්‍රය මඟින් කපා ඉවත් කළ පයිනස් ගසක් හදිසියේම ඔහුගේ හිස මතට කඩා වැටීම හේතුවෙනි.


බරපතළ තුවාල ලැබූ ඔහු වහාම ඉංගිරිය රෝහලට ඇතුළත් කළද, ඒ වනවිටත් ඔහු මියගොස් සිටි බව සඳහන් වේ.


සිද්ධිය සම්බන්ධයෙන් මාලිම්බඩ ප්‍රදේශයේ පදිංචි බැකෝ යන්ත්‍ර රියැදුරෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (13) හොරණ දිස්ත්‍රික් මහ රෝහලේදී පැවැත්වීමට නියමිත බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.

Post Top Ad

Pages