Breaking

Post Top Ad

Thursday, May 7, 2026

දියණියගේ මංගල්‍යය දකින තුරුම ජීවිතය අල්ලාගෙන හිටපු තාත්තා… 💔

 

ජීවිතයේ දියණියකට ලැබෙන වටිනාම ආරක්ෂාව සහ ආදරය තාත්තාගෙන් ලැබෙන සෙනෙහසයි. නමුත් සියලු දියණියන්ට ඒ ආදරය සම්පූර්ණයෙන්ම විඳින්න වාසනාව ලැබෙන්නේ නැහැ.


පසුගිය දින කිහිපය පුරා සමාජ මාධ්‍ය තුළ සංසරණය වන එක් සංවේදී කතාවක් බොහෝ දෙනාගේ හදවත් කම්පා කර තිබෙනවා. එය තම විවාහ දිනයේදීම පියා අහිමි වූ දියණියකගේ කතාවකි.

ඇය පවසන ආකාරයට, ඇගේ පියා වසර 10කට ආසන්න කාලයක් එක්තැන්ව ජීවිතය ගත කර තිබෙනවා. කතා කිරීමට පවා අපහසු වූ ඔහු රැකබලාගෙන තිබුණේ ඇය, ඇගේ මව සහ අක්කා එකතුවීයි.


පවුලේ සියලු වගකීම් කරට ගෙන සිටියේ ඇගේ අයියාය. වෘත්තියෙන් ත්‍රිරෝද රථ රියදුරෙකු වූ ඔහු, “තාත්තට අසනීපයක් වුණොත් ඕනෑම වෙලාවක ඉක්මනින් ගෙදර එන්න පුළුවන් නිසා තමයි මම මේ රස්සාව තෝරා ගත්තේ” යැයි පවසා තිබුණා.


තම පියා කෙරෙහි තිබූ අසීමිත ආදරය නිසාම ඇය විවාහය ඉක්මන් කර තිබුණා. ඇගේ එකම බලාපොරොත්තුව වී තිබුණේ, විවාහයෙන් පසු සැමියාගේ සහයද සමඟ පියාට තවත් හොඳින් සලකන්නයි.


මංගල ඇඳුමින් සැරසී නිවසින් පිටත්ව යන මොහොතේ, පියාගේ දෑස් කඳුළින් තෙමී තිබූ බව ඇය වේදනාවෙන් සිහිපත් කරනවා. “තාත්තේ මම ආපහු එනවා… අඬන්න එපා” යැයි පවසමින් ඇය නිවසින් සමුගෙන තිබුණා.

නමුත් හද කම්පා කරවන සිදුවීම වුණේ, තම දියණිය මනමාලියක් වී නිවසින් පිටව ගිය එදිනම සවස් යාමයේ පියා මෙලොවින් සමුගැනීමයි.


ඇය පවසන්නේ, තම දියණියගේ විවාහය දකින තුරුම මේ පියා වසර 10ක් පුරා මරණය සමඟ සටන් කරමින් ජීවිතය රැඳවාගෙන සිටි බවයි.

Post Top Ad

Pages