පොල්පිටිය බෝඩ්ලන්ඩ් ජලාශයේ වේල්ල මත පාලමෙන් කෙසෙල්ගමුවට පැන අතුරුදන් වූ පුද්ගලයාගේ මළසිරුර, පොල්පිටිය පොලිස් නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව සොයාගෙන ගොඩ ගෙන තිබේ.
පොලිසිය සඳහන් කළේ, මළසිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නාවලපිටිය දිස්ත්‍රික් මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇති බවයි.
මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ පොල්පිටිය පල්ලේවත්ත ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙකි.
මුල් විමර්ශන අනුව, ඔහු මානසික රෝගයකින් පීඩිත වූ අතර, නිවසේ සිට වේල්ල දිගේ ගමන් කර කෙසෙල්ගමුවට පැන ඇති බව අනාවරණය වී ඇත.