හොරොව්පොතාන පොලිස් බලප්‍රදේශයේ, පුත්තලම–ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ කිලෝමීටර් 134 කණුව ආසන්නයේදී ඊයේ (01) අනතුරක් වාර්තා වී ඇත. ත්‍රිකුණාමලය දෙසට ගමන් කරමින් තිබූ යතුරුපැදියක්, අතුරු මාර්ගයකින් ප්‍රධාන මාර්ගයට ඇතුළුවූ අනෙක් යතුරුපැදියක් සමඟ ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබේ.
අනතුරින් යතුරුපැදි දෙකේ පැදිකරුවන් දෙදෙනා සහ පසුපැදිකරුවන් දෙදෙනා තුවාල ලබා හොරොව්පොතාන රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔවුන්ගෙන් එක් පැදිකරුවෙකු පසුව මියගොස් ඇතැයි වාර්තා වේ.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 64ක් වූ කපුගොල්ලෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් හොරොව්පොතාන පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.