Breaking

Post Top Ad

Saturday, May 2, 2026

යාළුවො සමග වැවේ දියනෑමට ගිය සිසුවා දියේ ගිලී මරුට

 

සෙවනගල පොලිස් වසමේ කටුපිල වැවෙහි දිය නාමින් සිටියදී පාසල් සිසුවෙකු දියේ ගිලී මරණයට පත්ව ඇති බව වාර්තා වේ.


ඊයේ (01) සවස මෙම සිද්ධිය සිදුව ඇති අතර, ලද පණිවිඩයක් මත සෙවනගල පොලීසිය විසින් පරීක්ෂණ ආරම්භ කර තිබේ.


මරණයට පත් වූයේ වයස අවුරුදු 16ක් වන, රත්නපුර ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවෙකි.


සිසුවා මිතුරන් කිහිප දෙනෙකු සමඟ කටුපිල වැවේ දිය නාමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇති බව මෙතෙක් සිදුකළ විමර්ශනවලින් හෙළිවී ඇත.


මෘත ශරීරය ඇඹිලිපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් සෙවනගල පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කරයි.

Post Top Ad

Pages