කටුගස්තොට, මාවිල්මඩ ප්‍රදේශයේදී යකඩ කපන විදුලි ග්‍රයින්ඩරයකින් සිදුවූ අනතුරකින් 66 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.
මියගොස් ඇත්තේ දාමර ගෙදර පියසිරි නමැති 66 හැවිරිදි පුද්ගලයෙකි.
පොලිස් විමර්ශන අනුව, ඔහු තම නිවස ඉදිරිපිට වැටක් ඉදිකිරීම සඳහා අවශ්‍ය යකඩ කැබලි විදුලි ග්‍රයින්ඩරයකින් කපමින් සිටියදී, එම යන්ත්‍රය පාලනයෙන් මිදී බෙල්ල ප්‍රදේශයට වැදීමෙන් බරපතළ තුවාල ලබා තිබේ.
අනතුරෙන් තුවාල ලැබූ ඔහු වහාම මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබාදී තිබුණද, පසුව ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් කටුගස්තොට පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.