අපරාධ කිහිපයකට සම්බන්ධ බවට සැක කෙරෙන ව්‍යාජ වෛද්‍යවරයෙකු පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු කුරුණෑගල, පන්නල ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි පුද්ගලයෙකි.
පොලිස් තොරතුරු අනුව, පොළොන්නරුව දීප උයන ප්‍රදේශය ආසන්නයේදී ඔහු ඊයේ (05) රාත්‍රී අත්අඩංගුවට ගෙන ඇත.
විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, බොරැල්ල, නුවර, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය පොලිස් ස්ථාන මඟින්ද මීට පෙර විවිධ අපරාධ සම්බන්ධයෙන් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබූ බවයි.
එසේම, ඔහු වසර දෙකක කාලයක් බන්ධනාගාරගතව සිටි පුද්ගලයෙකු බවටද මූලික විමර්ශනවලදී තොරතුරු හෙළිවී තිබේ.
සැකකරු සතුව තිබී වෙද නලාවක්, වෛද්‍ය නිල ඇඳුමක්, ව්‍යාජ හැඳුනුම්පතක් ඇතුළු වෛද්‍ය සේවාවන්ට අදාළ උපකරණ කිහිපයක් පොලිස් භාරයට ගෙන ඇත.
තවද, හිඟුරක්ගොඩ රෝහලේ ප්‍රසූතිකාගාරයේ සේවය කරන වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් කටයුතු කර ඇති බවටද තොරතුරු අනාවරණය වී තිබේ.
අදාළ සැකකරු අද (06) පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය සඳහන් කළේය.