Breaking

Post Top Ad

Friday, May 15, 2026

බිම වැටුණු කරන්ට් වයරයේ පැටලීමෙන් කාන්තාවක් මරුට

 ඌරගස්මංහන්දිය රකිනාකන්ද ප්‍රදේශයේදී විදුලි සැර වැදීමෙන් වයෝවෘද්ධ කාන්තාවක් මියගොස් ඇති බව පොලීසිය පවසයි.


විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ගසක් කඩා වැටීම හේතුවෙන් බිමට පතිත වූ විදුලි රැහැනක ඇය පැටලී ඇති බවය. අසල පිහිටි නිවසක් වෙත ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බව සඳහන් වෙයි.


මෙලෙස මියගොස් ඇත්තේ 74 හැවිරිදි රකිනාකන්ද ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.


සිද්ධිය සම්බන්ධයෙන් ඌරගස්මංහන්දිය පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

Post Top Ad

Pages