Breaking

Post Top Ad

Thursday, May 14, 2026

විදේශීය කාන්තාවකට අතවර කළ සම්බාහන සේවකයෙකු අත්අඩංගුවට

 

උණවටුන ප්‍රදේශයේ පිහිටි ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයකදී ඔස්ට්‍රේලියානු ජාතික කාන්තාවකට අතවර කළ බවට චෝදනා එල්ල වූ පුද්ගලයෙකු උණවටුන සංචාරක පොලීසිය විසින් අද (12) අත්අඩංගුවට ගෙන තිබේ.


අත්අඩංගුවට ගත් සැකකරු 38 හැවිරිදි වියේ පසුවන අතර, අදාළ සම්බාහන මධ්‍යස්ථානයේ සේවකයෙකු ලෙස කටයුතු කර ඇති බව සඳහන් වේ.


පොලීසිය පවසන්නේ, පසුගිය 06 වැනිදා උණවටුනේ පිහිටි එම සම්බාහන මධ්‍යස්ථානය තුළදී ප්‍රතිකාර ලබාදෙන මුවාවෙන් මෙම අතවරය සිදුකර ඇති බවයි.


සිද්ධිය සම්බන්ධයෙන් අද දිනයේ සංචාරක පොලිස් කොට්ඨාසයට ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.


අත්අඩංගුවට ගත් සැකකරු ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය සඳහන් කළේය.

Post Top Ad

Pages