Breaking

Post Top Ad

Thursday, May 7, 2026

පළිබෝධ නාශක විෂ වී හෝටලයක් තුළදී පවුලක්ම මරුට

 

ඉස්තාන්බුල්හි හෝටලයක නවාතැන් ගෙන සිටි එකම පවුලක සිව් දෙනෙකු විෂ සහිත පළිබෝධ නාශක දුමාරයකට නිරාවරණය වී මියයාමේ සිද්ධිය සම්බන්ධ නඩු විභාගය තුර්කියේ ආරම්භ වී තිබේ.

තුර්කි-ජර්මානු සම්භවයක් ඇති බෝජෙක් පවුලේ පියා, මව සහ කුඩා දරුවන් දෙදෙනා පසුගිය නොවැම්බර් මාසයේදී නිවාඩුවක් ගත කරමින් සිටියදී බරපතළ ලෙස රෝගාතුර වී රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

මරණ පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ, ඔවුන්ගේ සිරුරු තුළ ඉතා විෂ සහිත “ෆොස්ෆීන්” වායුව ඉහළ මට්ටමින් තිබූ බවයි. හෝටලයේ කෘමිනාශක භාවිතයෙන් පසු එම විෂ වායුව වාතාශ්‍ර මාර්ග ඔස්සේ කාමරයට පැමිණ ඇති බව විමර්ශනවලින් අනාවරණය වී ඇත.

සිද්ධියට අදාළව හෝටල් හිමිකරු ඇතුළු පුද්ගලයින් හය දෙනෙකුට එරෙහිව නොසැලකිල්ලෙන් මරණ සිදුකිරීමේ චෝදනා යටතේ නඩු පවරා ඇති අතර, වරදකරු වුවහොත් වසර 22ක් දක්වා සිරදඬුවම් නියම විය හැකියි.

Post Top Ad

Pages