Breaking

Post Top Ad

Friday, May 22, 2026

අනාරක්ෂිත ස්ථානයකින් නිල්වලා ගඟට වැටුණු සූපවේදියා අතුරුදන්

 සිය රැකියාව සඳහා ගාල්ල බලා ගමන් කරමින් සිටි සූපවේදියෙකු අකුරැස්ස නගරාසනය ආසන්නයේ නිල්වලා ගඟට වැටී අතුරුදන් වී ඇති බව පොලීසිය සඳහන් කරයි.


අතුරුදන් වූ පුද්ගලයා මොරවක, ඔලියමුල්ල ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි තිදරු පියෙකි.


වාර්තා වන අන්දමට, බස් රථයෙන් බැසීමෙන් අනතුරුව සෙරෙප්පුව පැළඳීමට උත්සාහ කිරීමේදී ඔහු අනාරක්ෂිත ස්ථානයකින් ගඟට පෙරළී වැටී තිබේ.


මේ අතර, ඔහුගේ බිරිඳ පවසා ඇත්තේ එම අවස්ථාවේදී ඔහු මත්පැන් පානය කර සිටි බවය.


පොලිස් නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව අතුරුදන් වූ පුද්ගලයා සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති නමුත්, මේ දක්වා ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැත.

Post Top Ad

Pages