Breaking

Post Top Ad

Thursday, May 21, 2026

සීදුවේ සහ ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසම්වල මනුෂ්‍ය ඝාතන දෙකක් සොයා ගැනේ

 සීදුව සහ ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසම් දෙකෙන්ම වාර්තා වූ වෙන වෙනම මනුෂ්‍ය ඝාතන සිද්ධීන් දෙකකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.


සීදුව පොලිස් වසමේ මූකලන්ගමුව ප්‍රදේශයේ නිවසකින් දුර්ගන්ධයක් හමන බවට ලද තොරතුරක් මත පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ. එහිදී අදාළ නිවස පරීක්ෂා කිරීමේදී නිදන කාමරයක තිබූ ගමන් බෑගයක් තුළ කාන්තා මළ සිරුරක් සොයාගෙන ඇත.


මියගොස් ඇත්තේ 79 හැවිරිදි මූකලන්ගමුව, සීදුව ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි. පොලීසිය සඳහන් කළේ ඇය එම නිවසේ තනිව ජීවත්ව සිට ඇති බවයි.


මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ නිවසේ සවිකර තිබූ CCTV කැමරා ගලවා ඉවත් කර ඇති අතර දුරකථන රැහැන් ද කපා දමා ඇති බවය.


අද (21) දින මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිත අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා සීදුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


මේ අතර, ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ෆර්ගියුෂන් පාර ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර ඇති බවට ලද තොරතුරක් මත ග්‍රෑන්ඩ්පාස් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.


මෙලෙස මියගොස් ඇත්තේ මෝදර උයන මහල් නිවාස ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකි.


සිද්ධිය සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ග්‍රෑන්ඩ්පාස් පොලීසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරයි.

Post Top Ad

Pages