මහියංගන – දෙහිඅත්තකණ්ඩිය ප්‍රධාන මාර්ගයේ බතලයාය ප්‍රදේශයේදී අඹුසැමි යුවළක් ගමන්ගත් ත්‍රිරෝද රථයක් ශ්‍රී ලංගම බස් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදුවී ඇති අතර, එහිදී ත්‍රිරෝද රථය පැදවූ සැමියා මියගොස් බිරිඳ බරපතළ තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව ගිරාදුරුකෝට්ට පොලිසිය පවසයි.
අනතුරින් මියගොස් ඇත්තේ දෙහිඅත්තකණ්ඩිය, දමනේවෙල, වෑබඩගම ප්‍රදේශයේ පදිංචි එච්.එම්.ජී. විජේරත්න බණ්ඩාර (65) මහතා බව පොලිසිය සඳහන් කළේය.
මෙම අඹුසැමි යුවළ මහනුවර ප්‍රදේශයට ගොස් නැවත ත්‍රිරෝද රථයෙන් දෙහිඅත්තකණ්ඩිය පිහිටි නිවස බලා පැමිණෙමින් සිටියදී අනතුර සිදුව ඇති අතර, ත්‍රිරෝද රථය මියගිය සැමියා විසින් ධාවනය කරමින් සිටි බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.