Breaking

Post Top Ad

Saturday, May 2, 2026

කන්ටේනර් රථයකට යටවීමෙන් එහි සහායකයා මරුට

නාවලපිටිය නගර මධ්‍යයේ පිහිටි සුපිරි වෙළඳසලකට භාණ්ඩ රැගෙන පැමිණි කන්ටේනර් රථයකට යටවීමෙන් එහි රිය සහායකයා අද (01) පෙරවරුවේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇති බව නාවලපිටිය පොලිසිය පවසයි.


පොලිස් විමර්ශනවලට අනුව, කුරුණෑගල ප්‍රදේශයේ සිට ආහාර ද්‍රව්‍ය රැගෙන එම සුපිරි වෙළඳසල වෙත පැමිණි කන්ටේනර් රථය, ගබඩාව තුළට ඇතුළු කිරීම සඳහා ප්‍රධාන මාර්ගයේ සිට පසුපසට ධාවනය කරමින් තිබී ඇත.


එම අවස්ථාවේදී රථයේ සහායකයා ලෙස කටයුතු කළ 24 හැවිරිදි තරුණයා, රථයේ පසුපස කොටස සහ ගබඩාවේ බිත්තිය අතර පටු ඉඩක සිරවීමෙන් බරපතළ තුවාල ලබා තිබේ.


පසුව ඔහු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය සඳහන් කරයි.


සිද්ධිය සම්බන්ධයෙන් කන්ටේනර් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර, නාවලපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Post Top Ad

Pages