Breaking

Post Top Ad

Friday, June 12, 2026

11 හැවිරිදි දරුවෙක් මුහුදට බිලිවෙයි, 10 හැවිරිදි දරුවෙක් අතුරුදන්!

 

ගාලු මුවදොර මුහුදු තීරයේ දියේ ගිලීමේ අනතුරකින් 11 හැවිරිදි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.


පොලීසිය සඳහන් කළේ, ළමුන් පිරිසක් මුහුදේ දියනෑමට ගිය අවස්ථාවේදී ඔවුන් අතරින් හය දෙනෙකු දියේ ගිලී ඇති බවයි.


අනතුරෙන් දියේ ගිලුණු ළමුන් පස්දෙනෙකු බේරාගෙන රෝහල්ගත කිරීමට කටයුතු කර තිබේ. එම ළමුන් අතරින් දෙදෙනෙකු කොළඹ ජාතික රෝහලටත්, තවත් තිදෙනෙකු රිජ්වේ ආර්යා ළමා රෝහලටත් ඇතුළත් කර ඇත.


කෙසේවෙතත්, කොළඹ ජාතික රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කළ මාළිගාවත්ත ප්‍රදේශයේ පදිංචි 11 හැවිරිදි දරුවෙකු ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව වාර්තා වේ.


මේ අතර, අනතුරෙන් අතුරුදන් වූ තවත් 10 හැවිරිදි දරුවෙකු සොයා මේ වන විට සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ.

Post Top Ad

Pages