Breaking

Post Top Ad

Friday, June 12, 2026

බස්රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් - 15කට ආසන්න පිරිසක් රෝහලට


 ලුණුගම්වෙහෙර පොලිස් බල ප්‍රදේශයේ උනාතුවැව ප්‍රදේශයේ 170 කණුව ආසන්නයේදී ලංගම බස් රථයක් සහ පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අද (දිනය) දරුණු රිය අනතුරක් සිදුව තිබේ.


අනතුරින් පුද්ගලයන් 15 දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර, ඔවුන් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.


අනතුරට ලක්ව ඇත්තේ කොළඹ සිට අම්පාර බලා ධාවනය වූ අධිවේගී බස් රථයක් සහ බදුල්ල සිට මාතර බලා ගමන් කරමින් තිබූ බස් රථයකි.


තුවාල ලැබූවන් කඩිනමින් ලුණුගම්වෙහෙර සහ හම්බන්තොට රෝහල් වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති අතර, අනතුර සම්බන්ධයෙන් ලුණුගම්වෙහෙර පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

Post Top Ad

Pages