Breaking

Post Top Ad

Wednesday, June 10, 2026

තලවතුගොඩ අවන්හලේ ගින්නෙන් 3 දෙනෙක් මරුට

 

තලවතුගොඩ මංසන්ධිය ආසන්නයේ පිහිටි අවන්හලක අද (09) පෙරවරුවේ හටගත් හදිසි ගින්නකින් බරපතළ පිළිස්සුම් තුවාල ලැබූ පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.


ගින්න වාර්තා වූ වහාම එය මැඩපැවැත්වීම සඳහා කෝට්ටේ මහනගර සභාවට අයත් ගිනි නිවන රථ තුනක් යොදවා තිබේ. ගින්නෙන් තුවාල ලැබූ පුද්ගලයින් තිදෙනා කඩිනමින් කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ප්‍රතිකාර සඳහා යොමු කර තිබුණි.


කෙසේ වෙතත්, රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී එම තිදෙනාම මියගොස් ඇති බව පසුව තහවුරු වී ඇත.


ගින්න හටගැනීමට හේතු වූ කරුණු මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

Post Top Ad

Pages