යාපනය – නුවර ප්‍රධාන මාර්ගයේ පූනෑව කුඹුගොල්ලෑව ප්‍රදේශයේ අද (18) උදෑසන සිදුවූ අනතුරකින් ගුරුවරියක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පූනෑව පොලීසිය පවසයි.
පොලීසිය සඳහන් කළේ, මහනුවර සිට වවුනියාව බලා ධාවනය වූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් යතුරුපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
අනතුරෙන් පසු යතුරුපැදියේ ගමන් කරමින් සිටි කාන්තාව බස් රථයේ පසුපස රෝදයට යටවීම හේතුවෙන් බරපතළ තුවාල ලබා ඇති අතර, එම ස්ථානයේදීම ඇය මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ පූනෑව ගල්කන්දේගම විද්‍යාලයේ සේවය කළ 56 හැවිරිදි ගුරුවරියකි.
ඇයගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා වවුනියාව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බව පොලීසිය සඳහන් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, අනතුර පිළිබඳ වැඩිදුර විමර්ශන පූනෑව පොලීසිය විසින් සිදුකරනු ලබයි.